ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (23) ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හදිසි මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපා ඇති බවයි
ඒ අනුව, අමෙරිකානු මධ්‍යම බැංකුව (Federal Reserve) ලබන වසරේදී සිය පොලී අනුපාත තවදුරටත් කප්පාදු කරනු ඇතැයි ආයෝජකයින් තුළ පවතින දැඩි විශ්වාසය, ලෝකය පුරා පවතින විවිධ යුධමය සහ වෙළෙඳ ගැටුම් හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රන් සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම සහ ලෝක වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලරයේ අගය සුළු වශයෙන් පහත වැටීම හේතුවෙන් අනෙකුත් මුදල් ඒකක භාවිත කරන රටවලට රත්‍රන් මිලදී ගැනීම සාපේක්ෂව පහසු වීමයි.
ලෝක වෙළෙඳපොළේ රන් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ රන් වෙළෙඳපොළේ ද මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

















