BREAKING NEWS
Search

විභාගයට මුහුණදෙන උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

340
මේ කියන්න යන්නේ කල්තැබුණු මෙවර උසස් පෙළ විභාගය ගැන විශේෂ කතාවක්.
මෙවර අපොස උසස් පෙළ කල්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා.

0112784537 සහ 0112788616 අංක අමතා, ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.

විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙන්නේ, විභාග අපෙක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපදා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ් සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *