BREAKING NEWS
Search

සමහර හාල් කෑලි අනුන්ට වරදක් නැතුව බොරුවට ගරහන්න උත්සහා කරනවා” ”තමන් ගැන කියන්න දෙයක් නැති වුණාම තවත් එකෙකුට මඩගහලා උඩයන්න හදනවා” – නාමල් උඩුගමගෙන් සැර කතාවක්

288

නාමල් උඩුගම කියන්නෙ, එදා සිට මේ දක්වාම නොමද රසික ආදරයක් දිනූ අපූරු කලාකරුවෙක්.

ඔහුගේ හඬට සේ ම රුවට පෙම් බඳින්නවුන් සෑහෙන්න.

සමාජ මාධ්‍යයේත් ඔහු හරිම සක්‍රීය චරිතයක්.

පහුගිය දවසක නාමල් සිය ෆේස්බුක් පිටුවට තරමක ආවේගශීලි සටහනක් එක්කර තිබුණා. ඔහු මේ සටහන තබා තිබුණේ, කිසිවෙක්ගේ අනන්‍යතාවක් හෙළිනොකර….

සම්පූර්ණ සටහන පහතින්,

”මිණිස්සු එක්ක හොදින් ජීවත්වෙන්න අපි හොදින් දන්නවා නමුත් සමහර හාල් කෑලී අනුන්ට වරදක් නැතුව බොරුවට ගරහන්න උත්සහා කරනවා.

අනුන්ගෙ නම් mention කරලා ඒ නමටම ගරහලා ගෝතයෝ ජනප්‍රිය වෙන්න හදන කාලයක් මේ.

Camera එකක් කලාතුරකින් හම්බ උනාම තමන් ගැන කියන්න දෙයක් නැතිඋනාම තවත් එකෙකුට මඩගහලා ගෙම්බො උඩයන්න හදනවා..

පිස්සු මුන්ට නිර්මාණ කරන්නේ නෑ මඩකනයෝවගේ ඊර්ෂ්‍යාව වපුරනවා. වැරැද්දක් තියෙනවානම් කෙලින් කියපංකෝ සමාව ඉල්ලලා හරි විසද ගන්නම්.

ඒකත් බෑ මූණ දෙන්නෙ නෑ කැතයිනෙ කුහකයි ඉතිං මම මොනවා කරන්නද ? ගොබ්බයෝ මම උත්තර දෙනවනේ.. මම වැරැද්දක් කලානම් ..කුහක වෙන්න එපා සතෝ.

ඒකෙන් මිණිස්සු අතරට කොහොමත් යන්න බෑ. කුහකයි ඊර්ෂ්‍යාසහතයි කියලා අනිත් කෙනාට දැනෙනවා.

හරියන්නෙම නෑ ඉතිං. කුහකකම, ඊර්ශීයාවල් අයින්කරන්න. කෙනෙකුට ඊර්ෂ්‍යා කරනකොට ලේ පිච්චෙනවා, මනස බිංදුවටම වැටෙනවා රූපය අවලස්සන වෙනවා…අපරාදේ නේද ඉතිං?

තමන් දියුණු වෙන්න උපරිම උත්සහා ගන්න අනුන්ට ගරහන්න කලින් තමන් හොද වැඩක් කරගන්න මහන්සිවෙන්න..

ලෝකේ ව්‍යසන වැඩී පිංදහම් වල නියැලීම ගොඩාක් වටිනවා..

මණුස්ස ආත්මයක් ලබන්න ගොඩාක් පිංකරලා තියෙනවා ඒකෙන් මණුස්සයෙක් හැටියට ජීවත් වෙයං අනිත් උන්ට හෙන ඉල්ලනේ නැතුව

අපි කාගේත් ජීවිතයත් බොහොම කෙටී..

අඩුතරමේ ඒ ගැනවත් හිතපං කුහක වෙන්න කලින්. මුන්ගෙ නම් මතක්කරවලා දෙන්න අපිව ගාවගන්නවා..
අයියෝ බං..ලැජ්ජායි..උඹ හරියට නමක් හදා ගනින්..එතකොට උඹට අපිව පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ..

බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *