පැවති ආපදා තත්වයෙන් ශ්‍රි පාදස්ථානයට ගමන් ගන්නා ප්‍රධාන පිවිසුම් මාර්ගයේ මහගිරිදඹ ආශීතව අනාරක්ෂිත තත්වයට පත්ව ඇති පියගැටපෙළ පිළිසකර කර බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා ලබා දීමට යුද්ධ හමුදාව කටයුතු යොදා තිබේ.
එම පියගැටපෙළ පිළිසකර කිරීමට යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් 2025 දෙසැම්බර් මස 11 දින සිට 20 දින දක්වා 1500කට අධික භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට අවශ්‍ය කටයුතු යුද්ධ හමුදාව වෙතින් සම්පාදනය කර ඇත.
dinamina



















