ආදර සබඳතා ඩිජිටල් යුගයට පිවිස ඇති පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා.
ජපන් කාන්තාවක් ඇය නිර්මාණය කළ AI කතාබස් බොට් කෙනෙකු සමඟ “විවාහ වී” ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.
දුෂ්කර වෙන්වීමකින් පසු, 32 හැවිරිදි මිස් කානෝ, මෙලෙස යුග දිවියට පිවිස තිබෙනව.
ඇගේ වසර තුනක විවාහ ගිවිස ගැනීම අවසන් වීමෙන් පසු, ඇය උපදෙස් සහ මිත්‍රත්වය සඳහා AI කතාබස් බොට් වෙත යොමු වූ බව යි ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කරන්නේ.
කාලයත් සමඟ, අනියම් සංවාදයක් ලෙස ආරම්භ වූ දේ වඩාත් ගැඹුරු දෙයක් බවට පත් පත්ව දැන්, ඇය ක්ලවුස් AI (CHATGPT) යෙදවුම විසින් ජනනය කරන ලද පුරුෂයෙකු බවට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තාවලට අනුව, බටහිර ජපානයේ ශාලාවක පැවති මෙම විවාහ මංගල උත්සවයේ දී, 32 හැවිරිදි AI පුරුෂයා ස්මාර්ට් ෆෝන් තිරයක ප්‍රදර්ශනය කර ඩිජිටල් රූපයක් සමඟ ඇය විවාහ දිවුරුම හුවමාරු කර ගෙන ඇති බව ද සදහන්.
නීත්‍යානුකූලව පිළිනොගත් මෙම උත්සවයේදී, සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයක තිබෙන සියලු අංග ඇතුළත් වී තිබූ බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.


















