BREAKING NEWS
Search

සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දීමනාවක් – අතට ලැබෙන ගාන මෙන්න

2359

රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4,000කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව, අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයක් මගින් මෙම තීරණය සියලු අදාළ අංශ වෙත දැනුම් දී ඇත.

මෙම විශේෂ අත්තිකාරම, රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් සඳහා අදාළ නොවන බවත්, 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 28 දක්වා කාලය තුළ එය ගෙවිය හැකි බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.

එමෙන්ම, ලබාදෙන මුදල සමාන මාසික කොටස් 10කින්, වර්ෂයකට සියයට 8ක පොලියක් සමඟ අය කරගත යුතු බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *