BREAKING NEWS
Search

කාමරේට යද්දි එයා හිටිය විදිහ දන්නවද සර්…? මගේ ඇඟේ හීගඩු පිපුණා. මධුසමයට ගිය තරුණියක කියන ඇඟ ලොමු දැහැ ගැන්වෙන කතාව..

4305

මේ කූරු ඇතුළේ හිරවෙලා ඉන්න, තාමත් අවුරුදු 30ක් වුණේ නැති කෙල්ලෙක් කියන කතාවක්.

“මම බැන්ඳේ ප්‍රියාන්ව. ප්‍රියාන් කියන්නෙ මට වඩා අවුරුදු තුනක් බාල කොල්ලෙක්. නමුත් දේපල තිබ්බ එකෙක්. තාත්තායි උගේ තාත්තායි යාලුවෝ. ඒ නිසයි ප්‍රියාන්ව මගේ කරේ ගැහුවේ. මම ටිකක් හැඩට ඉන්න කෙල්ලෙක් නිසා තාත්තාම ඒ පැත්තට ප්‍රපෝස් කළා. අන්තිමට මට ඌව බඳින්න වුණා. මං ඌ ගැන මහ දේවල් දැනන් හිටියෙත් නෑ‍. ඒත් තාත්තාගේ හිත සතුටු කරන්න මම හිත හදාගත්තා..”

“හනිමූන් එක දවසේ තමයි උගේ ඇත්ත මූණ එළියට ආවේ. දෙයියනේ.. මම බාත්රූම් එකට රිංගලා එන ටිකට ඌ මගේ වෙඩින් සාරි එක ඇඳන් හැඩ බලනවා. ඒ මදිවට ලිප්ස්ටික් එහෙමත් උලාගෙන. පවුඩර් දාගෙන. මම ඇයි මේ පිස්සුද අහද්දි ඌ කියනවා ආසයිලූ. ඒක අද ඊයේ ආසාවකුත් නෙවෙයි. මිනිහා කාලෙක ඉඳන් එහෙමලූ. කොල්ලෙක් වුණාට හිතෙන් ගෑනියෙක්ලූ. මගෙන් වැඳලා ඉල්ලුවා කාටවත් කියන්න එපා කියලා..”

“දෙයියනේ මට ආපු කේන්තිය… මම එකපාරම උගේ බෙල්ල මිරිකලා කම්මුලට ගහගෙන ගියා. ඒ තරම් කේන්තියක් තිබුණේ සර්.. මගේ හීන බලාපොරොත්තු ඔක්කොම ඌ නැති කළා. සමාව දෙන්න බෑ මට.. පස්සෙ දිගටම ඌ මගේ ඇඳුම් අඳින්න ගත්තා හොරෙන්. යටඇඳුම් පවා අඳිනවා. මට හිරිකිත වුණා. මාව සතුටු කරන්නවත් මිනිහා දන්නෑ. මම මේක කාටවත් කිව්වේ නෑ. මොකද මොන දේ වුණත් මිනිහට සල්ලි තිබ්බා. මම ඒවට ලෝබ වුණා..”

“ඒ අස්සෙ මම හොරෙන් වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධ වුණා. ඌ මට පට්ට ලව් කළා. අද මං හිරේ ඉන්න හේතුව ඒ අලුත් එකා. ඌ කුඩු බිස්නස් කරන එකෙක් කියලා මං දැනන් හිටියේ නෑ. මිනිහා මාවත් ඩ්‍රග්ස් වලට පුරුදු කෙරෙව්වා. අන්තිමට දවසක් අපේ ෆේස්බුක් පාටි එකක් දවසේ පොලිසියෙන් පැන්නා. මමත් බිස්නස් කරනවා කියලා මාව අච්චු කෙරුවා. අරුත් හිරේ..”

“හැබැයි දන්නවද? මාව බැන්ඳ එකා අදටත් එනවා… මිනිහා මාව නිදහස් කරගන්න කරන්න පුළුවන් උපරිම කරනවා. ඒ කියන්නෙ මිනිහා මට ආදරෙයි. මිනිහා මට තේරුම් කළා එයා වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න බව. ඒ විදිහට ඇතුළතින් මැරි මැරි ජීවත් වෙන මිනිස්සු. එයාට අනුකම්පා කරලා සමාව දෙන්න කිව්වා. ඒක එයා හිතලා කරන දෙයක් නෙවෙයි කිව්වා..”

“මම තාම එයා ගැන හිතනවා සර්… මම හිතන්නෙ එයා කියන්නෙ ඇත්ත. මවාපාන්නෙ නැතුව එයා මගේ ඉස්සරහා මගේ ඇඳුම් ඇන්ඳ එක ගැන මට දැන් හරි ආඩම්බරයි !”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *