BREAKING NEWS
Search

ආපදා වලින් පසු එළවලු මිල ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

243

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට කොළඹ තොග වෙළෙන්දන්ගෙන් එලවළු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති අතර, එම ඉල්ලුමට අනුව ඊයේ (11) දා එලවළු කිලෝ 73,000ක් කොළඹට ප්‍රවාහනය කර ඇති බව එහි කළමනාකාර රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

එළැඹි චීන අලුත් අවුරුද්ද නිමිත්තෙන් චීන ආහාර සඳහා අවශ්‍ය එළවළු විශාල වශයෙන් ඉල්ලුම් වී ඇති බවත්, ඒ අනුව යැවූ මිල ගණන් මෙසේය:

– ගෝවා කිලෝ රු. 140 – කැරට් කිලෝ රු. 210 – ලීක්ස් කිලෝ රු. 210 – රාබු කිලෝ රු. 160 – බීට්රූට් කිලෝ රු. 260 – බීට්රූට් (කපා) කිලෝ රු. 330 – අර්තාපල් කිලෝ රු. 270 – රතු අර්තාපල් කිලෝ රු. 290 – නෝකොල් කිලෝ රු. 260

පෙරේදා (10) දිනයේදීත් එලවළු කිලෝ ලක්ෂයක්ම කොළඹට යැවූ බවත්, ඊයේ (11) දිනයේද එවැනිම තොගයක් ලැබී ඇති බවත් කළමනාකාරවරයා කීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ දිනවල සාමාන්‍ය වෙළෙඳපොළේ එළවළු සඳහා ඉල්ලුම තරමක් අඩු මට්ටමක පවතින බැවින්, තොග වෙළෙන්දන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව පමණක් ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *