ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී තිබුණි.
අදාළ අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක් බව වාර්තා වෙයි.
















