BREAKING NEWS
Search

පැයකට සැමියෙක් – සුන්දර කාන්තාවන්ගෙන් යුත් රටකට කුලියට පිරිමින් සොයයි.

8350
සුන්දර කාන්තාවන්ගෙන් යුත් රටක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන ලැට්වියාවේ අද වන විට පවතින්නේ පුදුම සහගත තත්වයකි. විවාහ වීමට සිටින කාන්තාවන්ට නිවසේ වැඩ කටයුතු කරගැනීම සඳහා ‘සැමියන්’ කුලියට ගැනීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුරෝපයේ පිහිටි මේ පුංචි රටේ, කාන්තාවන්ට තම නිවෙස්වල නල කාර්මික, වඩු වැඩ, අලුත්වැඩියා කටයුතු සහ රූපවාහිනී සවිකිරීම් වැනි ‘පිරිමි වැඩ’ කරගැනීමට වෙනත් විකල්පයක් නොමැති වීම නිසා පැයකට පිරිමින් බඳවා ගැනීමට සිදුව ඇති බව පුවත්පත් වාර්තා වල සඳහන්.

කාන්තාවන් යුරෝ කිහිපයක් ගෙවා මෙලෙස පිරිමින් කුලියට ගනී. විවිධ සේවා සපයන්නන් ඔස්සේ ඔවුන්ට දුරකථනයෙන් හෝ ඔන්ලයින් හරහා “පැයකට සැමියෙක්” කුලියට ගත හැකි අතර, ඔවුන් පැයක් ඇතුළත පැමිණ අවශ්‍ය කාර්යය නිම කර පිටව යයි.

යුරෝස්ටැට් (Eurostat) සංඛ්‍යාලේඛන අනුව, ලැට්වියාවේ දැනට සිටින පිරිමින්ට වඩා කාන්තාවන් 15.5% කින් වැඩිය. මෙය යුරෝපා සංගමයේ සාමාන්‍ය ස්ත්‍රී පුරුෂ පරතරය මෙන් තුන් ගුණයකින් වැඩි අගයකි. විශේෂයෙන්ම, වයස අවුරුදු 65ට වැඩි අය අතර, පිරිමින්ට වඩා දෙගුණයක් කාන්තාවන් සිටීමෙන් මෙම අර්බුදයේ තරම පෙනේ.

විශේෂඥයන් පවසන්නේ මෙරට පිරිමින්ගේ ආයු අපේක්ෂාව අඩු වීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ අයහපත් සෞඛ්‍ය පුරුදු සහ ජීවන රටා බවයි.

පිරිමි ජනගහනයෙන් 31% ක් දුම් පානය කරන අතර, කාන්තාවන් අතර එම අගය 10% ක් පමණි. එනම්, පිරිමින් තුන් ගුණයකින් පමණ දුම්පානයට වැඩි නැඹුරුවක් දක්වයි.

අධික බර හෝ තරබාරු පිරිමින්ගේ ප්‍රතිශතය 62% ක් වන අතර, කාන්තාවන් අතර එය 57% කි. මෙම සංසිද්ධිය ලැට්වියාවට පමණක් සීමා නොවූවද, 2022 වසරේදී තිදෙනෙකුගේ මවක් වන ලෝරා යන්ග්, තම සැමියා වන ජේම්ස්ව අමතර මුදල් සඳහා වෙනත් කාන්තාවන්ට කුලියට දීමෙන් අන්තර්ජාලය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා ගත්තාය.

42 හැවිරිදි ජේම්ස්, සාමාන්‍ය ගෙදරදොර වැඩ, පින්තාරු කිරීම, ටයිල් ඇල්ලීම සහ කාපට් එලීම ඇතුළු සියල්ල සිදු කරයි. ඔහු පැයකට පවුම් 280ක් පමණ අය කරන බව පැවසේ. ඔවුන්ගේ මේ ව්‍යාපාරය කෙතරම් ජනප්‍රිය වී ඇත්ද යත්, ජේම්ස්ගේ නොවැම්බර් මාසයේ දින දැනටමත් වෙන් වී අවසන් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලැට්වියාව වැනි කුඩා රටක සුන්දර කාන්තාවන්ට විවාහ වීමට පිරිමි හිඟ වීමත්, ගෙදර දොරේ වැඩට ‘සැමියන්’ කුලියට ගැනීමට සිදුවීමත් ඇත්තෙන්ම පුදුම සහගත පුවතක්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *