BREAKING NEWS
Search

ජපානයේ ප්‍රබල භූකම්පනයක්

393

ජපානයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වෙයි.

ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80ක් ඔබ්බෙන්, කිලෝමීටර 50ක් ගැඹුරින් සිදු වූ බව වාර්තා වෙයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් තුනක් උස සුනාමි රල ඇති විය හැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *