චාමිකගේ යැයි කියූ දරුවා ගැන චාමිකගෙන් ආන්දෝනාත්මක කතාවක්

5822

හිටපු ගුවන් නියමුවරියක බව කියන තැනැත්තියක සිය දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන බවට කළ පැමිණිල්ලට අදාළව පැවති නඩු විභාගයකදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

හිටපු ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි සේනාරත්න නමැත්තිය ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

පැමිණිලිකාරිය චෝදනා කරන්නේ, වගඋත්තරකාර චාමික කරුණාරත්න තමන් සමග ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දරුවෙකු උපන් බවත් ය.

එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පැමිණිලිකාරිය සඳහන් කළා ය.

ඒ අනුව, දරුවාගේ පිතෘභාවය සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත්, ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහිදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජෙරුෂා තම්බයියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරු තම සේවාදායිකාව සමග පැවැත්වූ ලිංගික සම්බන්ධතාවකින් අනතුරුව දරුවෙකු උපන් බව සඳහන් කළා ය.

එම දරුවාගේ පීතෘභාවය භාර ගැනීම වග උත්තරකරු ප්‍රතික්ෂේප කර තිබෙන බවත්, ඒ අනුව දරුවාගේ පීතෘභාවය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *