BREAKING NEWS
Search

රාත්‍රී සමාජ ශාලාවක දරුණු ගින්නක් – 23ක් මරුට

388

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ ගින්න හටගත් බව වාර්තා වෙයි.

මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත් කිහිප දෙනෙකු එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගින්න හටගත් අවස්ථාවේ දී එහි විශාල පිරිසක් සිටි බව සඳහන් වේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය බලධාරීන් ඊයේ රාත්‍රිය පුරාම කටයුතු කර ඇත.

ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ කුඩා ප්‍රාන්තයක් වන ගෝවා, සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *