පසුගියදා දිවයිනේ පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බොහෝ නිවෙස් වල තිබුණු දේපළ විනාශ වුණා. මේ කියන්න යන්නේ අපදා තත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ආරක්ෂිතව හසුරුවන ආකාරය පිළිබඳවයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා. තෙත් වූ නෝට්ටු සෙමින් වෙන් කර ගත යුතු අතර, කිසිදු තාප ප්‍රභවයක්, රසායනික ද්‍රව්‍යයක් හෝ අධික තාපයක් (උදා: යකඩ පෙට්ටියක් හෝ උඳුනක්) භාවිත නොකර, ස්වභාවිකව වෙලා ගන්න ඕන.
පරිහරණයට නුසුදුසු වූ නෝට්ටු වෙනුවට නව නෝට්ටු ලබා ගැනීම සඳහා පුරවැසියන්ට ඕනෑම වාණිජ බැංකුවකට ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. මෙම පියවර හානියට පත් මුදල්වල වටිනාකම ආරක්ෂා කර ගැනීම හා පීඩාවට පත් ප්‍රදේශවලට සහන සැලසීමට අපේක්ෂා කරනවා.



















