BREAKING NEWS
Search

කටුනායක ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

292

ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබේ.

ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවකි.

අද උදෑසන 6.30ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට තිබේ.

එහිදී ඇයට දරු ප්‍රසූතිය සඳහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟම, ඇය වහාම කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

එහිදී එම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබේ.

ඉන්පසු එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත කටුනායක ගුවන් තොටුපොළ ගිලන් රථයක් මඟින් යොමු කිරීමට පියවර ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *