BREAKING NEWS
Search

වැලිගම සභාපති ඝාතනයට තවත් දෙදෙනෙක් මාට්ටු

56

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අයවෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නකු සහ ධීවර කටයුතුවල යෙදෙන්නක වන බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝබර් මස 22 වෙනිදින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සීය නිල කාමරය තුළ සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සැකකරුවන් දෙදෙනා වෙඩික්කරුවන් වෙත ගිනි අවිය සැපයීම ආධාර අනුබලදීම කුමන්ත්‍රණය කිරීම හා වෙඩික්කරුවන් හට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *