BREAKING NEWS
Search

නුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් යළි වැසේ

248

මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසා දමා තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත අද පස්වරුවේ සිට එම මාර්ගය වසා දැමීමට පියවර ගත් බවය.

පසුගියදා සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය අවස්ථා කිහිපයකදී තාවකාලිකව වසා දැමුණු අතර ඊයේ පස්වරුවේ සිට එය යළි ගමනාගමනය සදහා විවෘත කිරීමට පියවර ගැණුනි.

කෙසේවෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ග සියල්ල ඉදිරි දින හතර තුළ යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි මහතා පවසයි.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් වු පේරාදෙණිය පාලම පිළිසකර කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුරිය මහතා පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ හානියට පත් පේරාදෙණිය පාලම සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් පසුව එය පිළිසකර කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැකි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *