මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී අතුරුදහන් වූ නාවික හමුදා සාමාජිකයෙකුගේ නිසල සිරුරක් හමුවෙයි

185

පැවති අධික වර්ෂාවත් සමඟ චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීමේ මෙහෙයුමක නිරතව සිටියදී දියේ ගිලී අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයින් පස් දෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පසුගිය 30 වැනිදා පැවති අධික වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර අවදානම් අවම කිරීම සඳහා චලෙයි මෝයකට පුළුල් කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා සාමාජිකයින් පස් දෙනෙකු අතුරුදන්ව තිබුණි.

ඔවුන් සෙවීම සදහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර ඉන් එක් නාවික හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් පුදුමාතලන් වෙරළ තීරයේ තිබී සොයාගැනීමට හැකිවු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ චලෙයි නාවික හමුදා අනු කණ්ඩයට අනුයුක්තව රාජකාරී කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සාමාජිකයෙක් බව සඳහන් වෙයි.

අතුරුදන් වු සෙසු සිව්දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *