BREAKING NEWS
Search

ලුණුවිල ගුවන් අනතුරින් මියගිය නියමුවාට ජනපති අවසන් ගෞරව දක්වයි

123

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්මලාන පිහිටි නිවසට අද (04) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වු අතර ඒ මහතාගේ බිරිඳ, දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *