BREAKING NEWS
Search

කොළඹ – නුවර මාර්ගයේ ගමන් ගන්නන්ට විශේෂ දැනුම්දීමක්

187

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ.

එබැවින් කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *