මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

2217

කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය යහපත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ “එහෙම ලොකු අසනීපයක් නෑ.. වයසයිනේ” යනුවෙනි.

” තාත්තා රෝහල් ගත කළේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහායි.

වෛද්‍යවරුන් විසින් පෙරදී නිර්දේශ කර තිබූ පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට කටයුතු කරනවා.තාත්තගෙ සෞඛ්‍ය තත්වය යහපත්” යනුවෙන් ද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *