අයහපත් කාලගුණයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නායයෑම් සහ පස්කදු කඩා වැටීම් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහළගොස් තිබෙනවා.
එමෙන්ම, තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේ.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද සිදුවූ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළගොස් තිබෙනවා.
එමෙන්ම, තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්වී ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
















