BREAKING NEWS
Search

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

547

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා, සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

1. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බටහිර – වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් පිහිටා ඇති අතර එය ඉදිරි පැය 24 තුළ බටහිර දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව දැනුම් දී තිබේ.

පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන් වේ.

පහත සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *