BREAKING NEWS
Search

වරෙන්තු මන්ත්‍රී අල්ලන්න ගිය කොස්තාපල්ව අනතතුරට ලක් කර බොනට් එක උඩ තියන් ගිහින්

886

නිවිතිගල උඩපෑබොටුව ප්‍රදේශයේදී, දෙල්වල පොලීසිය විසින් නවතා තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි පුද්ගලයා අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේ දී මෝටර් රථය නැවැත්වීමට මෝටර් රථයේ බොනට් එක උඩ එල්ලී පොලිස් නිලධාරියෙකු උත්සාහ දරා ඇති අතර, ඔහු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, දෙල්වල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

වරෙන්තුවක් ඇති පුද්ගලයෙකු බවට පොලීසිය විසින් අනාවරණය කරගැනීමෙන් අනතුරුව අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයාව පරීක්ෂා කිරීමට උත්සාහ දරා ඇති අතර, එම අවස්ථාවේ දී අනතුරට ලක්වූ පොලිස් නිලධාරියාව බොනට් එක උඩ සිටියදී කිලෝමීටර් එක හමාරක පමණ දුරක් රැගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය.

පසුව පොලිස් නිලධාරියා ඇදවැටී ඇති අතර, මෝටර් රථයේ පැදවා පුද්ගලයා මෝටර් රථය අතුරු මාර්ගයක දමා පලා ගොස් තිබුණි.

තුවාල ලැබු පොලිස් නිලධාරිවරයා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *