BREAKING NEWS
Search

පහළ කඩුගන්නාවේ නායයෑමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමට යුද හමුදාවේ සහාය

129

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා 8වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පැවසුවේ මේ වන විට සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන අතුරුදන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයිද ඒ සඳහා එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකුගෙන් සමන්විත යුධ හමුදා කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවය.

එමෙන්ම මුදා ගැනීමේ කටයුතුවලට සහාය වීම සඳහා එම රෙජිමේන්තුවේ තවත් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය යෙත යොදවනු ඇති බවත් යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *