BREAKING NEWS
Search

ත්‍රීරෝද රථයක් තුළ සැකකටයුතු මරණයක් – මහරගමින් ඇසෙන ඇග හිරිවැටෙන ආරංචිය

966

මහරගම පොලිස් වසමේ ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබේ.

මහරගම පොලීසියට ලද තොරතුරක් මෙම මළ සිරුර හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න අනාවරණය කරගැනීම සඳහා මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *