BREAKING NEWS
Search

දෙණියායේ මාරක අනතුරක්

489

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගල්දොළ මංසන්දිය ආසන්නයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු අද (21) සවස මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දෙනියාය පාර,හිඟුරු පනාගල, කොටපොල ලිපිනයේ පදිංචි කංකානම් විතාරනගේ නලින් නැමති (47) හැවිරිදි ත්‍රී රෝද රථයේ රියදුරු බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.

අනතුර අද (21) ප.ව.5.15 ට පමණ සිදු වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලොරි රථය දෙනියාය ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් වෙළඳ සැලකට ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදා හැර නැවත යමින් සිටින අවස්ථාවේදී මොරවක ප්‍රදේශයේ සිට ඉදිරියට පැමිණි ත්‍රී රෝද රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි කොස් මෝදර පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *