BREAKING NEWS
Search

ඉඳිආප්ප බිස්නස් එකකට ලෝන් එකක් ගන්න ආවා කිව්වාම බැංකුවේ මහත්තයාගේ මුහුණ වෙනස් වුනා

311

වේදිකාව, පුංචි තිරය හා සිනමාව යන කලාවේ නේක ඉසව් අතික්‍රමණය කළ ප්‍රවීණයෙකි, රංගන ශිල්පි ලාල් කුලරත්න.

රතු හැට්ටකාරියගෙන් ඇරඹි සිය රංගන දිවිය තුළ, ඔහු ප්‍රේක්ෂක හදවත්වල නොමැකෙන චරිත රැසකට ජීවය එක්කාසු කර තිබෙනවා.

එයාකාරයෙන් රංගනයේ නේක ඉසව් ස්පර්ෂ කරන ලාල් කුලරත්න, වාණිජ විෂය ධාරාව උගන්වපු ගුරුවරයෙක් බව දන්නේ කිහිපදෙනෙක් බවට සැක නෑ.

ගෙවුණු දවසක ඔහු සිය ගුරු භූමිකාව ගැනත්, නළුවෙකුට එහා ගිහින් නියැළුණු විවිධ වෘත්තීන් ගැනත් මෙයාකාරයෙන් අදහස් දක්වලා තිබුණා..

”මම පාසල් කිහිපයකම වාණිජ විෂය ධාරාව උගන්වපු ගුරුවරයෙක්. පස්සේ නාට්‍යයකට මාසයක විතර නිවාඩු දාලා මම රට ගියා. මාසයක කාලය වෙනුවට මාස තුනක් විතර ගියා කියලා මගේ සේවය අත්හිටෙව්වා.
ගුරුවරයකුට අමතරව මම 1971දී දේශපාලනයට ද සම්බන්ධ වුණා.

රස්සාවක් නැති කාලයේ මම පොඩි පොඩි ව්‍යාපාර කළා. ඊට පස්සේ මම මගේ යාළුවකුගේ මාර්ගයෙන් කොන්ත්‍රාත් වැඩ කරපු මම හිටිහැටියේ අසනීප වුණා.

අසනීපයත් එක්ක ගෙදරට වෙලා හිටපු කාලයේ මම ඉදිආප්ප බිස්නස් එකක් පටන් ගත්තා. මුලදී අපිට ඒ හින්දා පාඩු වුණා.

නමුත් පස්සේ දවසට ඉදිආප්ප 30,000ක විතර ඕඩර්ස් එන තරමට ඒ ව්‍යාපාරය දියුණු වුණා. ඉදිආප්ප බිස්නස් එක දියුණු කරන්න මම ලෝන් එකක් ගන්න බැංකුවට ගිය වෙලාවක ඉදිආප්ප බිස්නස් එකකට ලෝන් එකක් ගන්න ආවා කිව්වාම බැංකුවේ මහත්තයාගේ මුහුණ වෙනස් වුණා. නමුත් මම කොහොමහරි ලෝන් එකක් අරගෙන පස්සේ මගේ ව්‍යාපාරය දියුණු කරගත්තා…”

උපුටාගැනීම : ජීවන්ත ගුණවර්ධන | හදගැස්ම




Leave a Reply

Your email address will not be published. Required fields are marked *