ඔබ නිවසින් බැහැරට යනවා නම් අනිවාරෙන්ම ඔබේ අවධානය කියන දේ හරියටම තියෙන්න ඕන. එහෙම නැති උනොත් අනතුරක් වෙන්නට තියන සම්භාවිතාවය ගොඩක් ම වැඩියි.
මේ අවාසනාවන්ත පුවත වාර්තා වෙලා තියෙන්නේ මාකඳුර පැපොල් ඇල්ල ප්‍රදේශයෙන්. බස් රථයට ගොඩ වුණ ඇය කීයටවත් හිතන්න නැතුව ඇති ඇය යන්නේ මේ අවසන් ගමන කියලා.
පුද්ගලික බස් රථයකින් බැසිමට ගොස් බස් රථයෙන් ඇදවැටුණු 68 හැවිරිදි සිවුදරු මවක් එම බසයේ පසුපස රෝදයට යටවිමෙන් ඉතා අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් වෙලා තියෙනවා.
අදාළ මෙම බස් රථය මාකදුර සිට කහවත්ත දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස්රථය මාකදුර සිට කහවත්තට ධාවනය කරම්න් සිටියදී තමයි මෙම අනතුර සිදු වෙලා තියෙන්නේ.
බස්රථයේ ගමන්ගත් 68 හැවිරිදි සිවිදරු මව බස්රථයෙන් බැසීමට ගොස් බස්රථයෙන් ඇද වැටී පසුපස ටයරයට යටවී ඵම ස්ථානයේදිම මියගොස් තිබෙනවා.
වාර්තා වෙන ආකාරයට නම් බස් රථය මාකදුර සිට කහවත්ත දෙසට ධාවනය කරද්දි මියගිය කාන්තාව බසයෙන් බහින තැන අමතකව හදිසියේම බසයෙන් නැගිට බසය නතර කිරිමට කලින් බසයෙන් බැසිමට උත්සහා කිරිමේදී මෙම අනතුරු සිදුව ඇති බව සදහන්.



















