BREAKING NEWS
Search

නොසිතූ ලෙස අකාලයේ ජිවිතයෙන් සමුගත් විශ්වවිද්‍යාල සිසුවෙක් ගැන ඇසෙන සිත සලිත වන කතාව

319
ඔහුගේ ජීවිතය අහිමි වුණේ කිසිවෙකුත් විශ්වස නොකළ මොහොතකයි. තරුණ ජීවිතයක් හොර රහසේම උදුරාගත් ඒ අවාසනාවන්ත කතාව ඇසෙන්නේ, මහවත්ත ප්‍රදේශයෙන්..


දනුක ගංගා­සර දිසා­නා­යක තව­මත් 21 හැවි­රිදි වියේ පසු වූ විශ්ව­වි­ද්‍යාල සිසු­වෙක් වුණා. මේ තරු­ණ­යාගේ උගුර ප්‍රදේ­ශයේ ඇති වූ සෙම අමා­රු­වක් මත පසු­ගිය 2දා හොරණ දිස්ත්‍රික් මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇතත් එහිදී ඔහුගේ ජීවි­තය බේරා ගැනී­මට නොහැකි වී තිබෙනවා.

කුඩා කළ සිට කොළඹ ඉසි­ප­තන විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබූ දනුක සාපෙළ විභා­ගය උසස් ලෙස සමත්ව උසස් පෙළට තෝරා­ගෙන ඇත්තේ ගණිත අංශ­යයි. ගණි­තය මෙන්ම භෞතික විද්‍යා විෂ­යට ද එක ලෙස දක්ෂතා දැක්වූ ඔහු උසස් පෙළ විභා­ගය ද විශිෂ්ට ලෙස සමත්ව සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ වෝහා­රික විද්‍යා පීඨ­යට ඇතු­ළත් වූයේ ප්‍රේම­ලාල් දිසා­නා­යක හා සමන්තා කරු­ණා­රත්න මව්පි­යන්ගේ ජීවි­ත­ව­ලට බලා­පො­රොත්තු ගොන්නක් එකතු කර­මින් වුවත් අද ඒ සියල්ල බිඳී ගොස් අව­සන්. බොහෝ මිතුරු පිරි­සක් ඇසුරු කළ දනුක ඔවුන් සමඟ නිත­රම ගීත ගය­මින් විනෝ­ද­යෙන් කෙළි­දෙ­ලෙන් ගත කළ තරු­ණ­යෙකු වන අතර නිවෙස අවට කවු­රුත් ඔහුට ආද­රය කළේ ඔහුගේ පැවැති අහිං­සක ගති­ගුණ හේතු­වෙන්.

විශ්ව විද්‍යාල අධ්‍යා­ප­න­යට අත්පොත් තබා සති­යක් වැනි කාල­යක් වුවද ඔහුට බොහෝ මිතුරු පිරි­සක් එකතු වී සිටියේ මිතු­රන් අතර ඔහු ජන­ප්‍රිය චරි­ත­යක් වී තිබුණා.

විශ්ව­වි­ද්‍යාල නේවා­සි­කා­ගා­රයේ සති­යක පමණ කාල­යක සිට නතර වී සිටි දනුක පසු­ගිය 31දා රාත්‍රියේ නිවෙ­සට පැමි­ණියේ නිවාඩු දින දෙක මවු­පි­යන් සමඟ ගත­කර නැවත විශ්ව­වි­ද්‍යා­ල­යට යෑමේ බලා­පො­රො­ත්තු­වෙන් වුවත් ඊට ඉඩ නොත­බාම මරුවා රැගෙන ගියේ සිය­ල්ලම කණ­පිට හර­ව­මින්. මීට මාස­ය­කට ප්‍රථම ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් උපා­ධිය සම්පූර්ණ කර ගත් තරීෂා, දනු­කගේ එකම සහෝ­ද­රිය වන අතර ඔහුගේ මව හා පියාද රැකි­යාව කරන්නේ එම විශ්ව­වි­ද්‍යා­ල­යේම අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩ­ල­යේයි.

වාවා­ගත නොහැකි ශෝක­යෙන් තරීෂා මෙලෙස පැව­සුවේ මෙවැනි කතාවක්.

මට හිටියේ මල්ලි විත­රක් වගේම මල්ලිට හිටි­යෙත් මං විත­රයි. ඒ හින්දා මාත් එක්ක හරිම යාළුයි. ඕනෑ දෙයක් මාත් එක්ක කිය­නවා. ඒ වගේම තමයි අම්ම තාත්ත­ටත් හරිම ආද­රෙයි. හොර­බොරු කරන්නේ නෑ. මල්ලි ඉගෙ­නී­මට වගේම ඩ්‍රාමා­ව­ලට, පිහි­නීමේ ක්‍රීඩා­ව­ලට දක්ෂයි. ගිටාර් ගහ­න්නත් එයා හරි කැම­තියි. එයා ඉන්න කොට නිත­රම ගේ පිරිලා. යාළු­වොත් එක්ක සින්දු කිය කිය නිත­රම විනෝද වෙනවා. කැම්පස් පටන් ගන්න ගොඩක් කල් ගිය හින්දා ට්‍රිප් ගිහින් යාළුවෝ ගොඩක් අඳු­න­ගෙන තිබුණා. එයාගේ යාළුවො ගොඩක් හොඳ අය. මල්ලි හොස්ටල් එකේ ඉඳලා සිකු­රාද රෑ තමයි ගෙදර ආවේ. පොඩි හෙම්බි­රිස්සා ගති­යක් තිබුණා. දේශ­ගු­ණය වෙනස් වුණු හින්දා වෙන්න ඇති කියා හිතලා පහු­වදා බේත් අරන් ඒකට අඩු­වෙලා තිබුණා. 2දා යාළු­ව­කුගේ උප­න්දි­න­යක් තිබුණා. චිත්‍ර­ප­ට­ය­කුත් බලලා ඒ පාටි­ය­ටත් යනවා කියා අම්මට කියලා තමයි ගිහින් තිබුණේ. අම්මට දෙතුන් පාරක් එයා කෝල් කරලා තිබුණා. හවස 6.30ට විතර කතා කර­න­විට කට­හඬ අමුතු වෙලා තිබුණා. සෙම්ගෙඩි හැදිල කියලා කිව්වලු. ඊට පැය භාගෙ­කට විතර පස්සේ තමයි යාළුවා කතා කරලා අම්මට කියලා තියෙන්නේ දනු­කට අමා­රුයි ඉක්ම­නට ඉස්පි­රි­තා­ලෙට එන්න කියලා. මල්ලි නැතිව දැන් ඉතින් මුළු ගෙද­රම පාළුයි.

මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු පීඨයේ පළමු වසරේ ඉගෙ­නුම ලබන දනු­කගේ හොඳම මිතු­ර­කුගේ ගෝන­පල ප්‍රදේ­ශයේ නිවෙ­සට ඔහු යන්නේ උපන් දින සාද­යට සහ­භාගි වීම­ටය. නිවෙස් දෙක­ටම යන එන මේ දරු­වන් ගැන වැඩි­හි­ටි­යන්ද හොඳින් දැන හඳු­නා­ගෙන සිටියේ කාල­යක සිටය. දනු­කගේ ඉල්ලීම පරිදි මිතුරා ඉඟුරු දෙහි ඇඹුල් සුදු­ලූනු ගුලි­යක් අඹරා දීමට කට­යුතු කර තිබුණේ සෙම් අමා­රු­වට අත් බෙහෙ­තක් නිසාද. ඉන් පසුව සෙම පිට වුණත් දනු­කට කතා කර ගැනීම තර­මක් අප­හසු තත්ත්ව­යට පත්වී තිබිණ. මිතුරා ඔහුගේ මවත් පියත් සමඟ ඡායා­රූ­ප­යක් ගැනී­මට ගිය අතර නිවෙසේ සිටි කිහිප දෙනෙක් ඔහු වෙත පැමිණ පැව­සුවේ දනු­කට අමාරු බවයි. ඔවුන් ඉක්ම­නින් ඔහු හොරණ පෞද්ග­ලික වෛද්‍ය ආය­ත­න­යට රැගෙන ගිය අතර එහිදී පවසා ඇත්තේ රෝහ­ලට රැගෙන යන ලෙසය. රෝහ­ලට රැගෙන යාමට මිතු­රාගේ මෝටර් රථ­යට නංවා ගන්නා විට දනුක විසින් මිතු­රාට පවසා ඇත්තේ හුස්ම ගැනී­මට අමාරු බවයි. ඒ ඔහුගේ අව­සන් වදන් වන බව කිසි­වෙ­කුත් දැන සිටියේ නැත.

මේ තරු­ණ­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී සඳ­කැන් වඩුගේ විසින් කළ අතර හොරණ හදිසි මරණ පරී­ක්ෂක සාම­වි­නි­සුරු සුමේධ ගුණ­ව­ර්ධන මහතා විසින් විවෘත තීන්දු­වක් ප්‍රකා­ශ­යට පත් කළා.

කෙසේ වුවත් වැල්මිල්ල හන්දිය, කිඳෙ­ල්පි­ටිය, මහ­වත්ත ප්‍රදේ­ශ­යම කඳු­ළින් නහවා අව­සන් බුහු­මන් දැක්වී­මට පැමිණි ජන­ග­ග­කට සමු දී දනුක ගංගා­සර මිහි­දන් වූයේ හෙට සමා­ජ­යට වටිනා දරු­වෙකු අහිමි කර­මින් වීම කන­ගා­ටු­වට කරු­ණක්.

දිනමිණ පුවත්පත ඇසුරෙන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *