BREAKING NEWS
Search

උසස් පෙළ ලියන අතරේ පාසලේ තෙවැනි මහලෙන් පැන්න සිසුවියට සිදු වූ දේ

2869
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක 13 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියක් අද (11) දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට පැනිමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසනවා.


එම අනතුරින් ඇයගේ පාද දෙකට පමණක් තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසූ බව පොලිසිය සඳහන් කරනවා.

මෙම සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවනවර පෙනී සිටින ශිෂ්‍යාවක් බවයි පොලිසිය පැවසුවේ.

බරපතල තුවාල ලද 19 හැවිරිදි තරුණිය මොරටුව පදිංචිකාරියක්.

ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙර පාසලේ තෙමහල් ගොඩනැගිල්ලේ කෙටි තාප්පය මතින් ඇය මෙලෙස පහළට පැන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පිටතට පැනීමත් සමඟම ඇයගේ සිරුර පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වී ඇති බව පවුලේ සමීපතමයන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

බම්බලපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි. ආර්. ඒ. ජේ. බි. දෙහිගමගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *