BREAKING NEWS
Search

අද දිවයින පුරා වෙන්න යන දේ මෙන්න…

171

හෙට (10) දින දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් ආරම්භ කිරීමට ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් හෙට දිනයේ ඉවත් වන බවයි.

පසුගිය සමයේ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල ගොවීන් ද මිල ගැටලුව හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර, ඔවුන් අවස්ථා රැසකදීම ඉල්ලා සිටියේ අල හා ලූනු ආනයනය සීමා කර දේශීය ගොවියා රැකගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් රට පුරා ගොවි වර්ජනයක් දියත් කිරීමට දේශයේ ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් ඉවත් වී හෙට දිනයේ වර්ජනයක නිරත වන බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *