BREAKING NEWS
Search

හෝටලයක පිහිනුම් තටාකය 05 හැවිරිදි මල් කැකුල බිලිගනී

624

සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය.

මියගොස් ඇත්තේ වදළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි.

මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *