විශ්ව විද්‍යාල භූමියකින් හමුවුණේ ඇත්තටම මොනවාද? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක්.
විජයවර්ධන ශාලාවේ උප ශාලාධිපතිනිය හා ආරක්ෂක නිලධාරින් දෙදෙනකු පේරාදෙණිය පොලිසියට අද (07) දහවල් සිදු කළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසනවා.
මෙම නේවාසිකාගාරය තුළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යාවන්, විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන්, පශු වෛද්‍ය පිඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවන්ද ඇතුළුව 2000 ක පමණ පිරිසක් සිටිනවා.
කළලයකට සමාන කොටස් හමුවීමෙන් පසු උප ශාලාධිපතිනිය එම කොටස් වළ දැමීමට ක්‍රියා කර ඇත. පසුව ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් මත පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශය මඟින් මේ සම්න්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරනවා.


















