BREAKING NEWS
Search

පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් වැඩිහිටියන්ට පමණක් වීඩියෝ අන්තර්ජාලයට දාලා

401

වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය.

මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ.

ඔවුන් විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර තිබේ.

සැකකරුවන් දෙදෙනා හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *