BREAKING NEWS
Search

ලොරි රථයෙන් ආ මාරයා දරුවා යට කරන් යයි – සියල්ල CCTV කැමරාවේ

220

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය ඊයේ (07) රාත්‍රියේ ගමන්කිරිමේ දී මෙලෙස මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාගේ ගැටී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු‍ 11 ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *