කූඹින්ට ඇති බිය නිසා එක් දරු මවක් ජිවිතයට කරගත් දේ ගැන ඇග කිලිපොලා යන කතාවක්

184

ඉන්දියාවේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ 25 හැවිරිදි කාන්තාවක් කූඹින්ට ඇති බිය හේතුවෙන් නිවසේදීම සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ කාන්තාව එක් දරු මවක් වන අතර සිය 3 හැවිරිදි දරුවා ඥාතී නිවසකට ගොස් ඇරලවා ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇය සිය දරුවාට පවසා ඇත්තේ තමාට නිවස පිරිසිදු කිරීමට ඇති බවත්, පිරිසිදු කිරීමෙන් පසුව ඇයව රැගෙන යාමට නැවත පැමිණෙන බවත් ය.

කෙසේ වෙතත් රාජකාරී නිම කර නිවසට පැමිණි සැමියා ප්‍රධාන දොර ඇතුළතින් අගුළු දමා ඇති බව දැක ඇති අතර අසල්වැසියන්ගේ උදව්වෙන් දොර කඩා විවෘත කළ විට ඔහුගේ බිරිඳ සිවිලිමේ විදුලි පංකාවේ එල්ලී සිටිනු දැක ඇති බව එරට පොලීසිය පැවසුවේය.

එම කාන්තාව සිය දිවි නසා ගැනීමට පෙර  “ශ්‍රී, මට සමාවෙන්න, මට මේ කූඹියොත් සමඟ ජීවත් වෙන්න බෑ.. දුව බලාගන්න. පරිස්සම් වන්න.” ලෙසින් සටහනක් ද තබා ඇත.

කෙසේ වෙතත් අදාළ කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පොලීසිය සැක පල කරන්නේ පිරිසිදු කරන අතරතුර ඇය කූඹීන් දැක ඇති බවත් ඒ හේතුවෙන් ඇති වූ බිය නිසා ඇය මෙසේ සිය දිවි නසා ගන්නට ඇති බවත් ‍ය.

කූඹීන්ට ඇති මෙම බිය රෝගී තත්ත්වයක් වන අතර එය myrmecophobia ලෙසින් හඳුන්වයි.

මෙම තත්ත්වයට ගොදුරු වන රෝගීන් කූඹින් කෙරෙහි පවතින දැඩි බිය හේතුවෙන් එළිමහන් පරිසරයේ සිටීමට පවා අකමැත්තක් දක්වන බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *