BREAKING NEWS
Search

සැමියා සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ගත් තීරණය

1427

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ දිස්නා නිරන්ජලා කුමාරි නම් මන්ත්‍රීවරියකටය.

ඇගේ සැමියා හා පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට සහයක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වනවිටත් යොමුකිරීමට කටයුතු කර ඇත.

එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාටද යොමුකර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *