BREAKING NEWS
Search

දුම්රිය පෙනි පෙනී දුම්රිය හරස්මඟේ ගිය ත්‍රිරෝද රථය – අයෙක් මරුට

291

රාගම පොලිස් බලප්‍රදේශයේ වල්පොල දුම්රිය ස්ථානයට යාබඳ දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් අන්දමින් ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ, ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් ඥාති කාන්තාවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බවය.

දුම්රිය සංඥා මෙන්ම සීනුව නාදවෙමින් තිබී ඇති අතර, ආරක්ෂිත ගේට්ටුව වසා තිබිය දී දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ත්‍රිරෝද රථය ධාවනය කළ බව අනතුරු ඇසින් දුටු අය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *