ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී බිහිසුණු අනතුරක් – 16ක් මරුට

3459

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක්, බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථවේ බස් රථයේ මගීන් 40ක් පමණ ගමන් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ටිපර් රථයේ රියදුරු සහ තවත් මගීන් අටදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *