BREAKING NEWS
Search

දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහලට

427

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

සිද්ධියෙන් පසු එම දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති අතර නගරයේ මාර්ග රැසක් වසා දැමීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *