BREAKING NEWS
Search

එයා මාව තල්ලු කළා – පෙම්වතා ඉදිරියේම කැළණි ගගට වැටී අවසන් ගමන් ගිය තරුණිය ගැන වෙනස්ම කතාවක් එලියට

9639

වැල්ලම්පිටිය, කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට ඇද වැටී 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියන් තිදෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු අද (01) දහවල් කොහිලවත්ත, කැළණි ගං ඉවුර වෙත පැමිණ තිබුණා.

පිරිස ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණ තිබූ අතර, කැළණි ගං ඉවුරේ ත්‍රීරෝද රථය නවතා එය පිරිසිදු කිරීමට එහි හිමිකාර තරුණයා කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ දී ඔහුගේ පෙම්වතියද ජලයට බැසීමට උත්සාහ කර තිබූ අතර, ඔවුන් දෙදෙනාම හදිසියේ කැළණි ගඟට ඇද වැටී ගසා ගෙන ගොස් තිබුණා.

දියේ ගිලුණු තරුණයා නැවත ගොඩබිමට පැමිණ තිබූ නමුත්, ඔහුගේ පෙම්වතිය බේරා ගැනීමට හැකිවී නැහැ.

බගවන්තලාවේ පදිංචිකාරිනියක වූ ඇයගේ මළ සිරුර වරාය පොලිස් හා නාවික කිමිදුම් කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුව සොයාගනු ලැබුවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *