වර්තමානයේ හැමෝටම වගේ තියෙන රෝග අතර ප්රධානතම රෝගයක් තමයි ගැස්ට්රයිසිස්.
දැඩි වේදනාකාරි රෝගයක්.මේ රෝගය සුව කරන අත්දුටු ප්රතිකාරයක් තමයි මේ.මේක හදාගන්නෙ කොහොමද කියලා අපි බලමු.
කැහිපිත්තන් පත්ර උපයෝගී කරගෙන ජෙලි හදාගන්නා ආකාරය ඔයාලට කියාදෙන්නම්.වස විශක් නැති ,කෘත්රිම දේවල් හෝ රසායනික ද්රව්ය පිලිකාකාරක කිසිවක් නැති රසවත් අතුරුපසක් තමයි මේක.මේක අතුරුපසක් කිව්වට ඇත්තටම දේව ඖෂධයක් බඳු අනර්ග ඔසුමය ආහාරයක්.
මේක කඩෙන් ගන්න ජෙලි එකටත් වඩා රසවත් ජෙලි එකක්.
හැබැයි ගැස්ට්රයිටිස් රෝගයට වහා සුව ගෙනදෙන ප්රත්යක්ශ ඖෂධයක්.බටහිර බෙහෙත් කෙතරම් ගත්තත් සුව නොවන ගැස්ට්රයිසිස් තත්වයන් පවා මේ ස්වභාවික ආහාරයෙන් සුව වෙනව.
මේ ඖෂධීය අතුරුපස පිලියෙල කරන්නෙ කැහිපිත්තම් කොල උපයෝගී කරගෙන.
අවශ්ය ද්රව්ය-
*කැහිපිත්තන් කොල
*සීනි
*ලුණු කුඩු
*පිරිසිදු ඇල් වතුර
මුලින්ම කැහිපිත්තන් කොල අවශ්ය තරම් ප්රමාණයක් ගෙන සෝදල හොඳින් පිරිසිදු කරගන්න.කැහිපිත්තන් කොලවල පිටුපස පිටි මකුණන් හෝ මකුලුදැල් බොහෝවිට ඇති නිසා හොඳින් පරීක්ශා කර සෝදාගන්න.
ඉන්පසු සෝදාගත් කොල ටික හෝම් ග්රයින්ඩර්(බොහෝ අය බ්ලෙන්ඩර් එක කිව්වම තමයි දන්නෙ) කප් එකකට දාල වතුර ස්වල්පයක් දාල(වතුර ගොඩක් දාන්න එපා.එතකොට මිශ්රණයේ උකු ගතිය අඩු වෙනව)හොඳින් කොටාගන්න.වතුර සමග කොල ටික හොඳින් කෙටුනු විට සෙවෙල් ගතියකින් යුතු ද්රාවණයක් සකස් වේ.එයටම ඔබේ අවශ්යතාවය හා රසය පරිදි සීනි ටිකක් සහ ලුණු ස්වල්පයක් දමා නැවතත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
ඉන්පසු එම මිශ්රණය කිරි පෙරණ දැල් ගොට්ටකට දාල හැන්ඳකින් කලවම් කරමින් වෙනත් භාජනයකට පෙරාගන්න.හැන්ඳකින් කලවම් කරමින් පෙරාගන්න කිව්වෙ මේ මිශ්රණය උකු ගතියෙන් වැඩි නිසා පහසුවෙන් පෙරෙන් නැති හින්දා.
දැන් ඉතා ඉක්මනින් ජෙලි එක මුදවාගැනීමට අවශ්ය නම් පමණක් අධි ශීතකරණයේ විනාඩි 10ක් 15ක් තබන්න.ශීතකරණයේ නොදැම්මද ටික වෙලාවක් සාමාන්ය උශ්නත්වයේදී තිබියදී ජෙලි මිශ්රණය ඝණ වේ.
දැන් ඔබට සාමාන්ය අතුරුපසක් ලෙස උවද කැහිපිත්තන් ජෙලි රසවිඳිය හැක.ගෑස්ටික් සඳහා නම් උදේ පාන්දර හිස්බඩම මේ ජෙලි ටිකක් කන්න.දවසේ ඕනෑම අවස්ථාවක ගෑස්ටික් වැඩිවී වේදනා දෙන අවස්ථාවක මෙම ජෙලි එක ආහාරයට ගැනීමෙන් වහා සුව ගෙනදේ.
උපුටා ගැනීම උපුල් කැලුම්ගෙන්




















