BREAKING NEWS
Search

පාසල් දරුවෝ පහක් එල්ලු‍ම් ගහ ළඟ – මවත් එක්ක හිරබත් කන කිරි දරුවෝ 42ක්

76

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට (එල්ලු‍ම් ගහට) නියම වුණු 826 දෙනා අතර පාසල් සිසුන් පස් දෙනකු ද සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පැවසීය.

මව කළ වැරදිවලට මව සමග සිර දඬුවම් විඳින වයස පහට අඩු දරුවන් 42ක් සිටින බව පැවසූ කොමසාරිස්වරයා මින් 19 දෙනකු පිරිමි සහ 23 දෙනකු ගැහැනු දරුවන් බව ද ප්‍රකාශ කළේය.

මරණ දඬුවම නියම කෙරුණු 826 දෙනකු රට පුරා බන්ධනාගාරවල සිටින බවත් මින් වැඩි පිරිසක් එනම් 805 ක් පිරිමින් බවත් මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවන් සංඛ්‍යාව විසි එකක් බවත් ඔහු අනාවරණය කළේ ය.

රට පුරා බන්ධනාගාර 36ක් පවතින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා දසදහස් පන්සියයක් (10,500) සිටිය යුතු එම බන්ධනාගාරවල මේ වනවිට 36,000ක් සිටින බව ද සඳහන් කළේ ය. ඒ අනුව බන්ධනාගාරවල ධාරිතාව සියයට හාරසීයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. දිවයින පුරා බන්ධනාගාරවල සැකකරුවන් 25,173ක් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *