ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

686

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අද (24) අළුයම බස් රථයක් ගිනිගැනීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හිදී මෙම අනතුරට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 39 දෙනෙකු සිට ඇත.

බස් රථයේ යතුරුපැදියක් ගැටී, එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇතිව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර, එය මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවී ඇත.

කෙසේ නමුත් අවදිව සිටි මගීන් කෑගසමින් බස් රථයෙන් පිටතට පැන තිබේ.

තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *