Search

අලුතින් වාහනයක් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්! වාහන මිල අඩුවෙලා… අලුත්ම මිල ගණන් මෙන්න…

11243

තමන්ටම කියලා අලුත් වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්.

ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ.

ඒ අතරේ වාහන මිල ගැන අද ආයෙත් කතා බහක් ඇති වුණා.

ඒ අද මාධ්‍ය හමුවකදී.

ප්‍රමාණය ඉක්මවා ඇතැම් පිරිස් වාහන ආනයනය කිරීම සහ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යාම හේතුවෙන් මෙරට තුළ වාහන මිල අඩුවීමේ ප්‍රවණතාවයක් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ පවතින තත්ත්වය මත ලියාපදිංචි නොකළ වාහනයක මිල රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලකින් අඩුවිය හැකි බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ අංශයේ වාර්තා අනුව මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 705ක් පෞද්ගලික වාහන ආනයනය සඳහා වැය වී තිබෙනවා.

වාහන ආනයනකරුවන් පවසන්නේ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑමත් සමග මෙරට තුළ වාහන මිල ද අඩුවෙමින් ඇති බවයි.

ඒ අනුව ධාවනයට එක් නොකළ ප්‍රදර්ශනාගාර මට්ටමේ ඇති 2025 වසරේ නිෂ්පාදිත හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයක් සහ ටොයොටා යාරිස් වර්ගයේ මෝටර් රථයක් පැවැති මිලට වඩා රුපියල් ලක්ෂ 10ක පමණ ප්‍රමාණයකින් අද වන විට ජපානයෙන් පෞද්ගලිකව ආනයනය කරගත හැකියි.

එමෙන්ම සුසුකි ඇල්ටෝ දෙමුහුන් මෝටර් රථයක් සහ වැගන් ආර් වර්ගයේ දෙමුහුන් සහ පෙට්‍රල් මෝටර් රථයක් පැවැති මිලට වඩා රුපියල් ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *