BREAKING NEWS
Search

අද කාලගුණය ගැන ඇසෙන කතාව මෙන්න

704

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම එම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *