ගුරුවරයෙකුට මරු කැදවා තවත් තිදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර

27

මේ ගුරුවරයෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුරක් ගැන ඇහෙන කතාවක්.

කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ, මහනැටියාව ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් 07 කණුව ඉදිරිපිටදි මෝටර් රථයක් සහ කැබි රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරු වන ඇතාකඩ, ඇටවීරගොල්ලෑව, මැදවච්චිය ලිපිනයේ පදිංචි 47 හැවිරිදි ගුරුවරයෙක්.

පදවිය දෙස සිට කැබිතිගොල්ලෑව දෙසට ධාවනය වු කැබ් රථයක් හා කැබිතිගොල්ලෑව දෙස සිට පදවිය දෙසට ධාවනය වු මෝටර් රථයක මුහුණට මුහුණගැටී මෙම අනතුර සිදුව තිබුණා.

එම ගැටීමෙන් මෝටර් රථය සහ කැබ් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල ඇති වෙල් යායකට ගොස් තිබෙනවා.

පොලිසිය මූලික පොලිස් පරික්ෂණ වලින් හෙළිවී ඇත්තේ වර්ෂාවත් සමග මාර්ග ලිස්සන සුලු වීමත්, අධික වේගයෙන් රිය ධාවනයත් හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

සිදුවු රිය අනතුරින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේදී මියගොස් තිබෙනවා.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහල වෙත යැවීමට කටයුතු කර තිබෙනවා.
May be an image of jeep, car and text
May be an image of text



Leave a Reply

Your email address will not be published. Required fields are marked *