BREAKING NEWS
Search

ලබන වසරේ 1 සහ 6 ශ්‍රේණියේ පාසල් සිසුන්ට පෙළ පොත් ලබා දෙන්නේ නෑ

564

2026 වසර සඳහා පළමු ශ්‍රේණියට සහ හය ශ්‍රේණියට පෙළ පොත් ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

මේ වනවිට ඒවා මුද්‍රණය ආරම්භ කර ඇති බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පොත් බෑගයේ බරද අඩුවන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *