BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන අලුත්ම කතාවක් එලියට

23

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් ගනුදෙනු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපුවෙකු අත්අඩංගුවට ගත් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය ඔහුගේ බැංකු ගිණුමක තිබී රුපියල් කෝටි 33 කට අධික මුදලක් සොයාගෙන ඇත.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ලොකු පැටී නමැත්තා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම මුදල් සමග අදාළ කපුවා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. සැකකාර කපුවා දින හතක රැඳවුම් නියෝග මත තබා ගෙන ප්‍රශ්න කරගෙන යන අතර තවත් තොරතුරු රැසක් ඔහුගෙන් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය පවසයි. ලොකු පැටී නමැති පාතාල කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් මෙහෙයුම්කරු ලෙස කටයුතු කර ඇත්තේ ගන්දර ප්‍රදේශයේ මෙම කපුවා බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

හේමන්ත රන්දුණු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *